HDDES අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීම මෙවරත්…

2024 වර්ෂයේ සමාරම්භය සටහන් කරමින් හොරණ BOI පරිශ්‍රයේ පිහිටි HDDES කර්මාන්තශාලාවේදී පැවැති උත්කර්ෂවත් සමාරම්භක උළෙල සහ ඊට සමගාමීව පැවැති HDDES පදනම මගින් සංවිධානය කළ, වාර්ෂිකව පවත්වන HDDES අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමිමේ උත්සවය ඉතා සාර්ථකයව පැවැත්විනි.

HDDES පදනමෙහි ප්‍රාරම්භකවරයා මෙන්ම HDDES සමුහ ව්‍යාපාරයේ නිර්මාතෘතුමන් වන දේශමාන්‍ය එච්. ධර්මසිරි ද සිල්වා මහතාගේ උදාරතර සංකල්පයක් මත ක්‍රියාත්මක වන මෙම අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමේ උළෙල වසරක් පාසා සිදුවන අතර එහිදී HDDES සමූහ ව්‍යාපාරයේ සේවයෙහි නියුතු සේවක සේවිකාවන් සැමගේ පාසැල් යන දූ දරුවන් සඳහා මූල්‍යමය අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනමනු ලැබේ. පාසැල් කාලය මෙන්ම උසස් අධ්‍යාපනය වෙනුවෙන්ද මෙම ශිෂ්‍යත්ව සත්කාරය සිදුකරන අතර විශේෂයෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් වූ දරුවන් වෙනුවෙන් සුවිශේෂි මූල්‍ය ශිෂ්‍යත්ව පිරිනැමීමද මෙහිදී සිදු විය.

පැමිණ සිටි දුවා දරුවන් ඇමතූ දේශමාන්‍ය එච්. ධර්මසිරි ද සිල්වා මහතා ජීවිතයේ සාර්ථකත්වය ගොඩනගා ගැනීමේදී අප හමුවට පැමිණෙන අභියෝග ජයගන්නා ආකාරය පිළිබඳ ඉතා වටිනා කරුණු රැසක් සිය පුද්ගලික ජීවිතයේ මහඟු අත්දැකීම් පදනම් කරගනිමින් පැහැදිලි කරදුන් අතර එම වටිනා උපදෙස් ඔවුන්ගේ ඉදිරි ජීවතය සාර්ථක කර ගැනීමට උදක්ම ඉවහල් වන බව දුවා දරුවන්ගේ දෙමාපියන් සඳහන් කළෝය.
මෙම අවස්ථාවට සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂක මණ්ඩල සමාජිකයන් මෙන්ම එහි ඉහළ කළමනාකාරිත්වය ඇතුළු සියළු සේවක සේවිකාවන් සහභාගී වී සිටිනු දක්නට ලැබිණ.


Share now