හොරණ කඳණ පුරාණ මහා විහාරයේ බෝධිඝරය හා රන්වැට නිරාවරණය කිරීමේ මහා පුණ්‍යකර්මය
හොරණ කඳණ පුරාණ මහා විහාරස්ථානයේ අභිනව බෝධි ප්‍රාකාරය සහ රන්වැට නිරාවරණය කිරීමේ පුණ්‍ය කර්මය පසුගිය නොවැම්බර් 19 වනදා සිදුකරනු සිදුවිය. HDDES පදනමෙහි නිර්මාතෘ සහ HDDES සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ දේශමාන්‍ය ධර්මසිරි ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි HDDES පදනම මගින් මූල්‍ය...කප්පින වලව්ව ප්‍රාචීණ භික්ෂු විද්‍යාලයට HDDES පදනමින් පුස්තකාලයක් සහිත නව ගොඩනැගිල්ලක්
ශ්‍රී ලංකාව තුළ බෞද්ධ දර්ශනයේ චිරස්තිතිය උදෙසා අමිල කාර්යභාරයක් ඉටු කරන බලපිටිය කප්පින වලව්ව ප්‍රාචීන භික්ෂු විශ්ව විද්‍යාලයට අඩුවක්ව පැවති පුස්ථකාලයක් හා නවීන පංතිකාමර රැසකින් සමන්විත නව ගොඩනැගිල්ලක් පසුගිය ජූනි මස 17වනදා HDDES පදනමෙහි පූර්ණ අනුග්‍රහයෙන් සාදවා, නිමවා පරිත්‍යාග කරන ලදී.
HDDES පදනමෙන් පොසොන් උත්සවය නිමිතිකොට අනුරපුර අභයගිරි රජමහා විහාරයේදී පිංකම් රැසක්…
පොසොන් පොහෝ දිනය නිමිති කරගෙන HDDES සමූහ ව්‍යාපාරයේ මූල්‍ය දායකත්වයෙන් සහ HDDES පදනමෙහි සංවිධානත්වයෙන් පිංකම් රැසක් අනුරාධපුර අභයගිරි රජ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විනි.