සිය ජන්ම දිනය වෙනුවෙන් මෙවරද අභයගිරි රජමහා විහාරයේ පිංකම් රැසක්

පසුගිය අප්‍රේල් 4 වනදාට යෙදී තිබූ HDDES සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ දේශමාන්‍යය එච්. ධර්මසිරි ද සිල්වා මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් ඓතිහාසික අනුරාධපුර අභයගිරි රජමහ විහාරය කේන්ද්‍ර කර ගනිමින් අති පූජ්‍ය මහා සංඝරත්නය විෂයෙහි ධානමය පිංකමක් සිදුකළ අතර ඊට සමගාමීව ගැබිනි මවුවරුන් සියයක් දෙනා හට අත්‍යාවශ්‍ය උපකරන හා වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් ද සිදුකරනු ලැබුවා. එලෙසින්ම පසුගියදා වෙලඳපළ වෙත මුදාහල HDDES සමූහ ව්‍යාපාරයේ නව නිෂ්පාදන අතිගරු මහා සංඝරත්නය වෙත පූජා කිරීමත් මෙම අවස්ථාවේදී සිදුකරනු ලැබුවා.

මෙම අවස්ථාවට අනුරාධපුර අටමස්ථානධිපති රාජ්‍ය සාහිත්‍ය සම්මාන ලාභී අතිපූජ්‍ය පල්ලේගම හේමතරන හිමිපාණන් වහන්සේ, රත්නමාලී චෛත්‍යාරාමාධිකාරී උතුරු මධ්‍ය දිශාවේ ප්‍රධාන සංඝනායක රජරට විශ්ව විද්‍යාලයේ කුලපති පුජ්‍ය ඊතලවැටුනු වැවේ ඥාණතිලක නාහිමිපාණන් වහන්සේ, අභයගිරි චෛත්‍යාරාමාධිකාරි ශ්‍රී ලංකා භික්‍ෂු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය පූජ්‍ය කල්ලංචියේ රතනසිරි නාහිමිපාණන් වහන්සේ, ලංකාරාම චෛත්‍යාරාමාධිකාරී උතුරු මධ්‍ය දිශාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය රැළපනාවේ ධම්මජෝති නාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කළහ.

එමෙන්ම ප්‍රදේශයේ ආරක්‍ෂක අංශ නියෝජිනය කරමින් මෙන්ම රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිළධාරීන් සහභාගී වූ අතර සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමණාකාරිත්වය මෙන්ම ආයතනයේ සේවක සේවිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Share now