උද්යෝගිමත්, නිරෝගී දිවිපෙවතක් වෙනුවෙන් HDDES BIO HERBAL දිවි සුවතා පෙති හඳුන්වාදෙයි.

පාරම්පරික දේශිය වෛද්‍ය විද්‍යාවේ දැනුම් සම්භාරය, නවීන තාක්‍ෂනය හා මුසු කරමින්, රටේ ජනතාවට නිරෝගිමත් දිවි පෙවතක් උරුම කර දීමේ අරමුණ ඇතිව HDDES සමූහ ව්‍යාපාරය විසින් නිෂ්පාදනය කර බෙදාහරින BIO HERBAL දිවි සුවතා පෙති හඳුන්වා දීමේ උත්සවය එම කර්මාන්ත පරිශ්‍රයේදී පසුගිය මාර්තු 14 වනදා ආගමික පිළිවෙත් වලට මුල්තැන දෙමින් සිදුකරන ලදී. HDDES සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ ගරු දේශමාන්‍ය එච් ධර්මසිරි ද සිල්වා මහතාගේ සංකල්පයක් අනුව ඔහුගේ මගපෙන්වීම යටතේ දේශීය වෛද්‍යවරුන් හා ආයතනයේ පර්යේෂණ කන්ඩායමක් ඒකාබද්ධව නිපදවන ලද මෙම නිශ්පාදනය වර්තමානයේ සමාජයේ මුල් බැසගෙන ඇති සෙෘඛ්‍ය ගැටළු රැසකට සුවය ලබාදෙනු ඇත.

විශේෂයෙන් ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ස්වාභාවික ශාඛ සාරයන් එක්කොට ඉහළ ගුණත්වය ආරක්‍ෂා කරමින් නවීන තාක්‍ෂණයෙන් නිපදවා ඇති මෙම නිෂ්පාදනය උගුරේ ආමරුව, හිසරදය, ශරීරයෙහි ඇතිවන කැක්කුම්, නොනවත්වා කිවිසුම් යාම, නාසයෙන් දියර ගැලීම වැනි සංකූලතා සඳහා සුවය ලබාදෙයි. එමෙන්ම ශ්වසන පද්ධතියේ ඇතිවන ආසාත්මිකතා දුරලමින් නිදහස් මෙන්ම නිරෝගී ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියකට මගපාදා දෙයි. ආහාර ජීර්ණ පද්ධතියේ කාර්‍යක්‍ෂමතාව වැඩි දියුණු කරමින්, ආහාර රුචිය වර්ධනය කරමින්, පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණ ක්‍රියාවලිය සාර්ථකව සිදුකර ගැනීමට මගපාදා දෙයි.

HDDES සමූහ ව්‍යාපාරයේ නව කර්මාන්තශාලා පරිශ්‍රයේ කාර්යාල කටයුතු ආරම්භ කිරීමද මීට සමගාමීව සිදුකරනු ලැබිණි. මෙම අවස්ථාවට HDDES සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘතුමන් වන දේශමාන්‍ය එච්. ධර්මසිරි ද සිල්වා මහතා හා HDDES සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමණාකාරිත්වයේ නිළධාරීන් බොහෝ දෙනෙක් සහභාගී වී සිටිනු දක්නට ලැබිනි.

Share now