පසුගිය ජූනි තුන්වනදාට (3) යෙදී තිබුනු පොසොන් පොහෝ දිනය නිමිති කරගෙන HDDES සමූහ ව්‍යාපාරයේ මූල්‍ය දායකත්වයෙන් සහ HDDES පදනමෙහි සංවිධානත්වයෙන් පිංකම් රැසක් අනුරාධපුර අභයගිරි රජ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්විනි. මේ සඳහා HDDES ව්‍යාපාරයේ මෙන්ම HDDES පදනමෙහි නිර්මාතෘ දේශමාන්‍ය එච්. ධර්මසිරි ද සිල්වා මහතා මුලිකත්වය ගෙන කටයුතු කළේය.
අභයගිරි රජමහා විහාරයේ පහළ මළුවෙහි විශේෂයෙන් සකස්කළ මණ්ඩපයක් තුළ පෙහෙවස් සමාදන් වූ බැතිමතුන් හා අභයගිරි විහාරය වන්දනා කරන්නට පැමිණි පිංවත් සැමට උදය වරුවේ ප්‍රණීත කොච්චි සම්බෝල සමගින් මඤ්ඤොක්කා පිළිගැන්වූ මහා දන්සලක් සංවිධානය කර තිබුනි. විශේෂයෙන් මෙම සියළු අමුද්‍රව්‍ය වස විසෙන් තොරව සිය ගෙවත්තෙහි වගාකළ අස්වැන්න බව මෙහිදී දේශමාන්‍ය ධර්මසිරි ද සිල්වා මහතා පැවසුවේය. අභයගිරි රජමහා විහාරය වෙත සපැමිණි බොහෝ පිරිසක් මෙම දන්සැලට සහභාගී වනු දක්නට ලැබුණි.
එමෙන්ම HDDES සමුහ ව්‍යාපාරයට අයත් AURA හඳුන්කූරු ආයතනයේ සමාදර, පිංබර දායකත්වය යටතේ පැවැත්වූ රසවත් සවුකැඳ දන්සලක් අභයගිරි විහාර පරිශ්‍රයේදී සවස් කාලයේදී පැවැත්විණි. මේ සඳහාද අතිවිශාල බැතිමතුන් පිරිසක් සහභාගී වූ අතර එම සියළු දෙනාහට ඉතා පෝෂණීය මෙන්ම ප්‍රනීත වූ සවුකැඳ පානයෙන් සංග්‍රහ කරන්නට HDDES සමූහ ව්‍යාපාරය හා HDDES පදනම වෙනුවෙන් එහි සහභාගී වූ අප්සාරි ද සිල්වා මැතිණිය ප්රමුඛ කණ්ඩායම දැඩි වෙහෙසකින් කටයුතු කරනු දක්නට ලැබිණ.
මීට අමතරව අභයගිරි ස්තූපය ඉදිරිපිට සිට ජාතික රූපවාහිනිය මගින් විකාශය කළ පෝදා වැඩසටහනට සහභාගී වූ HDDES සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘතුමන් වන දේශමාන්‍ය එච් ධර්මසිරි ද සිල්වා මැතිඳුන් හා එම මැතිණිය වන කාන්තිද සිල්වා මහත්මිය ගරුතර සංඝරත්නය විෂයෙහි පිරිකර ආදිය පුජා කළ අතර අභයගිරි රජ මහා විහාරයට අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය ආදිය පූජා කරනු ලැබූහ.